Wednesday, November 1, 2017

Visual Basic 06 Part 01.

Wednesday, October 25, 2017

Visual Basic 06 Part 02

Visual Basic 06 Part 02



ඉතින් මම මේ ලිපියෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ මේකෙන් සොෆ්ට්වයා එකක් හදන්නෙ කොහොමද කියලා...

මුලින්ම ඔයාල විෂුවල් බේසික් ඕපන් කරගන ඒකෙ තියන standers exe කියන එකට ක්ලික් කරන්න.

දැන් ඔයාලට පේනවා ඇති පොඩි ෆෝර්ම් එකක්.



මම අද ඔයාලට මුලින්ම කියලා දෙන්න යන්නේ කොහොමද ෆෝර්ම් එකේ වෙලාව පේන්න හදන්නෙ කියලා...

අපි ඊට කලින් මේ ෆෝර්ම් එකේ කලයුතු වෙනස්කම් කීපයක් තියනව..

ඔයාලට විෂුවල් බේසික් එකේ දකුනු පැත්තෙන් බලාගන්න පුලුවන් පොඩි ඔප්ශන් බාර් එකක්..


මුලින්ම අපි ඒකෙ වෙනස් කරන්න ඕනෙ කැප්ශන් එක..
ඔය මෙනු එකේ කැප්ශන් කියන එක ඉස්සරහින් තියන form 1 කියන එක වෙනස් කරන්න clock විදිහට..

ඊට පස්සෙ ඔය මෙනු එකේ උඩම තියන name කියන එක frmmain කියල වෙනස් කරන්න..

දැන් අපි කරන්න ඕනෙ ඕකට ලේබල් එකක් දාගන්න ඕනෙ...ඔයා ඒක කරන්න දන්නෙ නැත්තම් මගෙ කලින් ලිපිය බලල එන්න...

ඔයා ලේබල් එක ෆෝර්ම් එකේ කැමති තැනකට දාන්න...

ඊට පස්සෙ ඒකෙ කැප්ශන් කියන එක මකල දාන්න...ඊට පස්සෙ ඔයාට යටින් බලාගන්න පුලුවන් වෙයි font කියලා එකක්....ඒක ක්ලික් කරලා font size එක 25 විදිහට දෙන්න...

දැන් ඒ ලේබල් එක උඩ ඩබල් ක්ලික් කරන්න..නැතකොට ඔයාට පහත වගේ ෆෝර්ම් එකක් එයි...



දැන් ඔය ෆෝර්ම් එකේ code පේලි දෙකක් තියන බව ඔයාට පේයි....අන්න ඒ දෙක මැද පහත විදිහට ටයිප් කරන්න..

label1.caption = time

ඔය විදිහට ටයිප් කරලා ඒක කට් කරන්න...

ඊට පස්සෙ විෂුවල් බේසික් එකේ උඩ තියන මෙනු එකේ run කියන එක ක්ලික් කරන්න...එතකොට ඔයා හදපු ෆෝර්ම් එකේ මැද වෙලාව ඩිජිටල් විදිහට පේනවා....

දැන් ඒක කට් කරලා තව ලේබල් එකක් ෆෝර්ම් එකට දාගන්න...ඊට පස්සෙ කලින් එකේ වගේම CAPTION එක මකලා..ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න...

දැන් ඒක උඩ ඩබල් ක්ලික් කරලා අර code පේලි දෙක මැද පහත විදිහට ටයිප් කරන්න...

label2.caption = date

විදිහට ටයිප් කරල රන් කරන්න..එතකොට ඒ ලේබල් එක මැද දිනේ පෙන්නනවා පේයි..

ඉතින් ඔය කියලා දීපු දේවල් ටික අදට ඇති....මම තව අලුත් ලිපියක් අරන් එන්නම්..එතකන් ඔයාලට සුබ දවසක්....








Visual Basic 06 Part 01.

Visual Basic 06 Part 01. අදත් ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ වෙබ් අඩවියට.... ඉතින් මම අද ඉදන් ඔයාලට කියල දෙන්න හදන්නෙ සොෆ්ට්වයා නි...